ගැමුණු රජින්ඳා...
බත් කෑ හින්දා...
අපරැක්කයි නම් ලද හින්දා...
ගමට අපරැක්ක යන නම ලැබී ඇති ආකාරය සම්බන්ධව අතීත කතාවක් පවතී. කලෙක දුටුගැමුණු කුමරා යුද්ධයෙන් පැරදී පලාගොස්වෙස් වලාගෙන මෙම ප්‍රදේශයේ මහලු මවකගේ නිවසෙහි සැඟව සිටතිබේ. දිනක මහලු මව වෙස් වෙලාගෙන සිටින එම කොලුගැටයාට කෑමට හුන්සල් බත් පින්ගානක් ලබාදී තිබේ. ඔහු එය පිඟානේ තැනින් තැනින් කෑමට පටන්ගෙන ඇති අතර එය දුටු මහලු මව “උඹ හුන්සල් බත් කන්නේහරියට දුටුගැමුණු කුමාරයා යුද්ධ කරන්න වගේ” යනුවෙන් පවසා ඔහුටපිඟානේ කෙළවරක සිට කන ලෙස අවවාද කොට තිබේ. මහලු මවගේ වදන් හොඳින් අවබෝධ කරගෙන හොඳින් හිතට ගත් දුටුගැමුණු කුමරා එම නිවසින් නික්මගොස් තිබේ. එසේ ගිය ඔහු රටේ කෙළවරක සිටපිළිවෙලකට යුද්ධ කර ජයග්‍රහණය ලබා නැවත එම මහළු මව මුණගැසීමට පැමිණ ඇයට තමා දුටුගැමුණු කුමාරයා බව පවසා ඇය දුන් අවවාදය නිසා තමා යුද්ධය ජයග්‍රහණය කල බවත් අපගේ රට රැකගැනීමේ ගෞරවය ඇයට හිමිවිය යුතු බවත් පවසා “ අප රැක්ක අම්මා” යනුවෙන් ඇයට පවසා ඇත. පසුව එම ප්‍රදේශයද “අප රැක්ක” ප්‍රදේශය ලෙසින් නම් කරවර්තමානයේ “අපරැක්ක” ලෙසින් භාවිතා වේ.
අපරැක්කේ ඉතිහාසය පිළිබඳ සොයාබැලීමේ දී මෙහි වෙසෙන සෑම ගැමියකුම පාහේ දන්නා ප්‍රකට ජනප්රවාදයකි මේ. අපද ඉතා කුඩාකළ පටන්ම මෙය අසා ඇත්තෙමු.එහෙත් මෙහි සත්‍ය අසත්‍ය බව මෙම ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයෙක් හෝ මොහොතකට සිතා බැලුවාද? මක් නිසාදයත් මෙහි ඇති ගැටලු කිහිපයකි.
මෙයට අනුව අපරැක්ක යන නාමය දුටුගැමුණු සමයේ ලැබුණු නාමයක් යයි කියති. ගැමුණු කුමරු පියාට අකීකරුව පැනගොස් සිටියේ කොත්මලයේ මිස මෙම ප්‍රදේශයේ හෝ මාතර ප්‍රදේශයේ යයි කීම හේතු සාධක නොමැති කතාවකි. එසේම දුටුගැමුණු රජු යුද්ධයෙන් පැරදී මෙම ප්‍රදේශයට ආවා යැයි කීමට ද කිසිදු ඓතිහාසික හෝ පුරාවිද්‍යත්මක සාධක නොමැත.
අනෙක් කාරණාව මෙය මෙසේ වී නම් අපරැක්ක අම්මාගේ පරපුරෙන් පැවතෙන්නෙකු හෝ ඒ පිළිබඳ තතු දත්තෙකු සොයාගත හැකි විය යුතුය.අවම වශයෙන් මේ හා සම්බන්ද පෙළපත් නාමයක් හෝ තිබිය යුතුය. එ හෙත් ඔබ එවැන්නක් ගැන දන්නවාද?
එසේ නම සත්‍ය කුමක්දැයි ඔබට සිතෙනවා ඇත. මෙම ග්‍රාම නාමය දුටුගැමුණු රාජ්‍ය සමයෙන් සියවස් ගනනාවකට පසු එලබෙන කෝට්ටේ රාජ්‍ය සමය දක්වා දිවයන්නකි.මෙ ගම භික්ෂූන් වහන්සේ නමකට පූජා කරන ලද ගම්වරයකි.
මේ පිළිබඳ තොරතුරු සොයා යෑමේදී පුරා විද්‍යා චක්‍රවර්තී කඹුරුපිටියේ වනරතන හිමියන් විසින් දක්වා ඇති අදහස ඉතා වැදගත්වේ. එ බැවින් එය මෙසේ උපුටා දක්වමි.
---------------------------------------------------------------------------------
“මේ සම්බන්දයෙන් සොයා බැලීමේදී පරම්පරා කීපයකදී ලියවුණ පැරණි ලිපියක් දෙනියායේ ධර්මද්වජ පරිවේණාදිපතිව වැඩවිසූ බෙරලපනාතර ධම්මරතන නාහිමියන්ගෙන් ලැබිනි. එහි එන කරුනු අනුව ඓතිහාසික වටිනාකමක් ඇති බව පෙනී ගියේය.
කෝට්ටේ රාජ්‍යය කළ 6 වන බුවනෙකබා රජතුමා විසින් වීදාගම ස්වාමීන් මුණුබුරු අනුරුද්ධ ස්වාමීන්ට " අප රක්ෂා කළ හෙයින් අපරැක්ක යයි" නම් තබා පිදූගම අපරැක්ක වීය.
6 වැනි බුවනෙකබාහු නමින් කෝට්ටේ රාජ්‍යයට පත්වූයේ 6 වන පරාක්‍රමබාහු රජු විසින් හදා වඩා ගත් සොලී කුමරෙකු වූ සපුමල් කුමාරයාය. 6 වන පරාක්‍රමබාහු රජුගේ මරණින් පසු රාජ්‍යයට පත්වූයේ උලකුඩය දේවියගේ පුත් 2 වන ජයබාහු වේ. සපුමල් කුමරු විසින් 2 වන ජයබාහු රාජ්‍යයෙන් පහකොට 6 වන බුවනෙකබා නමින් කෝට්ටේ රාජ්‍යයට පත්විය. මේ සිද්ධියෙන් අමනාපයට පත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ රාජ්‍ය උපදේශක කටයුතුවලින් බැහැරව වනගත වූහ. ඉන් පසු රාජ්‍ය උපදේශක තනතුර දෙවැනි වීදාගම හිමියන් අතට පත් විය. වීදාගම පරපුරේ මූලිකයා සොලී රටින් පැමිණි හිමි නමකි. එබැවින් සොලී කුමරෙකු වූ සපුමල් කුමාරයාට වීදාගම හිමියෝ උදවු කරන්නට යෙදුනහ. අප රක්ෂා කළේ යයි සඳහන් කළේ එබැවිනි. වීදාගම හිමියන් ගේ මුණුබුරෙකු වූ අනුරුද්ධ ස්වාමීන්ට අපරැක්ක ගම පූජාකිරීමට හේතුව එය වේ.
මෙ ගම භික්ෂුනමකට කළ පරිත්‍යාගයක් බව ඔප්පුකළ හැකි පරම්පරා කීපයක්ද අද දක්වාම මෙහි ඇත්තේය. වළඳවනගේ, බුලත්දෙනගේ,කිරිදෙනගේ, ඇබිත්තගේ, වට්ටෝරු දෙනගේ, බණකියවනගේ ඒම පරම්පරා නාමයෝ වෙති. එසේම මෙම දීමනාව කෙතරම් අංගසම්පූර්ණව කරණ ලද්දේද යනු ඒකල උන්වහන්සේගේ සේවයට යොදවන ලද මෙ සමූහයාගෙන් ප්රත්යක්ෂ වේ. එසේම අපරැක්කේ තිබූ පැරණි විහාරය මීට නුදුරුහි කෝට්ටවත්තේ සිටි දේර්පම් නම් පරංගියා විනාශකළ හෙයින් භික්ෂූන් වහන්සේලා පලාගොස් මොරවක් කෝරළයේ කොළවෙනිගම කැලයක සැඟවී සිටි බවක් ද ඒම ලිපියේ සඳහන් වේ”
---------------------------------------------------------------------------------------
මෙම අදහස බොහෝ දුරට යුක්ති යුක්ත යැයි පැවසීමට සාධක පවතී. මක් නිසාද යත් අප විසින් කරනලද සොයාබැලීම් වලදී ඉහත සඳහන් වූ පෙළපත් නාමයන් ප්‍රදේශයේ ඡන්දහිමි නාම ලේඛනය ඇසුරින් සොයා ගැනීමට හැකිවිය.එබැවින් ඒ පිළිබඳ වැඩිදුර ඉදිරියේ දී විමසමු.